Wednesday, April 4, 2012

Signal පිළිබදව තවදුරටත් ලිපි අංක හතර.



                  Forex Signals 

Forex Signal කියන්නෙ Currency Pair එකක Market එක හැසිරෙන විධිය ගැන දෙන අනාවැකියක්. අපි කාටවත්ම 100% ක් නිවැරැදි අනාවැකියක් පල කරන්න බැහැ. නමුත් සෑහෙන දුරට සාර්ථකව අනාවැකි පල කරන්න නම් අපි හොඳ අධ්‍යයනයක යෙදෙන්න ඕන. අපි දැනට සාකච්ඡා කලේ Technical Analysis හරහා Markrt එක අධ්‍යයනය කරන ක්‍රම කීපයක්.
Support Lines & Resistance Lines
Trend Lines
Candlestick Patterns




Forex Signal එකක් නිවැරැදිව දෙන්නනම් එහි අඩංගු විය යුතු ප්‍රධාන කාරණා 3 යි.
Trend(Up/Down) 
Take Profit
Stop Loss 


Trend එක කියන්නෙ මින් පසු අගය වැඩි වේද (uptrend) අඩු වේද (downtrend) යන්නයි.Take Profit කියන්නෙ අප අනුමාන කරන දිශාවේ කොපමණ දුරක් යනවාද යන්නයි.



ඉහත පෙන්නලා තියෙන්නෙ Forex Signal එකක් හදාගන්න විධිය ගැන සරල උදාහරණයක්‌.(ශක්තිමත් Forex Signal එකක් නොවේ)



අපිට Chart එකේ බැලුවම Downtrend එකක් තියෙන්නෙ. Trend line එකෙන් බැලුවාමත් ඒක පේනවා.(මේ Trend line එක Forex Signal එකක් තීරණය කරන්න තරම් ප්‍රභල නැහැ. උදාහරණය සඳහා පමණයි). එහෙමනම් දැන් අපිට අනුමාන කරන්න පුළුවන් අංක 1 විධියට Chart එක යයි කියල. එහෙමනම් අපි දාන්න ඕන Buy එකක්.(ඔන්න Trend එක තීරණය කලා)
නමුත් අපි අනුමාන කරන දිශාව වෙනස් වෙලා Trend එක මාරු උනොත් අංක 2 විධියට හෝ 1.3133 රේඛාව කඩාගෙන ඉහල යයි. එහෙම උනොත් අපේ Account එකේ මුදල් ඉවර වෙන්නම Loss වෙයි. මේ පාඩුව වලක්වා ගන්න තමයි අපි Stop Loss එක දාන්නේ. එතකොට පොඩි පාඩුවක් එක්ක Trade එක Close වෙනවා. Money Management වලදි අපි Trade එකක් දාන්න ඕන අවම වශයෙන් Stop Loss:Take Profit=1:2 වත් තියෙන ආකාරයට. ඊට වැඩි නම් තවත් හොඳයි. 1:3, 1:4 වගේ. එතකොට අපි දාන Trade 50% ක් Loss උනත් අපි අවසානයේ Profit.
දැන් අගය 1.3115 යි. පහලට අවොත් 1.3060 දක්වා එයි. ඉහල ගියොත් 1.3133 දක්වා ගිහින් හැරිලා පහලට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි Stop Loss එක 1.3133 ම දාන්න හොඳ නැහැ. පොඩ්ඩක් ඉහලට දාන්න.(සාමාන්‍යයෙන් pips 10 ක් වත්) නමුත් මේ උදාහරණයේ මම දාල තියෙන්නෙ 1.3135. ඒ කියන්නෙ pips 20ක්.(1.3135-1.3115=20pips) 


Take Profit එහෙමනම් pips 40 ක් වත් දාන්න ඕනනෙ. 1.3115 - 1.3060=55pips. නමුත් අපි 1.3060 ටම දාන්න හොඳ නැහැ. සමහර වෙලාවට කිට්ටුවට ගිහින් හැරිලා එන්නත් පුළුවන්. ඒ නිසා තරමක් ඉඩ තියල Take Profit එක දාන්න. මම දාල තියෙන්නෙ 1.3075(40pips)


Xහි අගය 2 හෝ ඊට වැඩි විය යුතුය.

                        Prediction


 

Signal පිළිබදව තවදුරටත් ලිපි අංක තුන.

අපිට Forex වලින් මුදල් උපයන්න අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී Market එකේ මොකද වෙන්නේ කියල කල් තියා අනුමාන කරන එකනේ? ඒකට අපි Chart එක හැසිරෙන විදිය ගැන අවබෝධයක් ගන්න ඕන.. ඒ සඳහා Support Line Resistance Line වගේම ගොඩක්ම වැදගත් Trend Line ඇඳගන්න එක. අපිට ඒ සඳහා Main Trend , Sub Trend , Inner Trend සියල්ලම ගැන අවබෝධයක් ගන්න ඕන. Main Trend එක අඳින්නේ Weekly , Daily Chart වලින්.Weekly Chart

 
Daily Chart
 
නමුත් බොහෝවිට Trend එක එහෙම නැත්නම් Main Trend එක කියන්නේ H4, H1 වගේ Chart වලින් එන Trend වලට.(trend එක දිශාවට trade කරන්න කියන්නේ මේ trend එකේ පැත්තටයි. මේක අනුව නම් වැඩිපුර Buy කරන එක තමයි වඩාත්ම හොඳ.) අපි බලමු පහුගිය සතියේ(මේක කලින් එකක්) H4 Chart එකේ Trend එක.

 
මේ රූපයේ අපි දැන් ඇඳල තියෙන trend එකට කලින් ගිහින් තියෙන්නෙ Down trend ekak.
සමහර වෙලාවට මේ trend එක ඇතුලේ Inner trend හැදෙනවා.
අපිට හැම Time Frame එකකම TL අඳින්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට පැය 2,3 කින් close කරන trades දාන නිසා අපිට H4 සිට M15 දක්වා Charts තමයි ගොඩක් ගැලපෙන්නේ.(මම දන්නා සමහර traders ල ඉන්නවා සාමාන්‍යයෙන් දවස් 30,40,100,200 කින් trades close කරන්නෙ . ඒ අයට W1,D1 ඒවත් ගොඩක් වැදගත්) පොඩිම ඒවායේ හැදෙන ඒවා ගොඩක් ශක්තිමත් නැහැ.
 


 
හොඳයි දැන් අපි ඇඳල තියෙන lines ඔක්කොම ඇන්දේ Chart එක හැදුනයින් පස්සෙනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුලුවන්නෙ. නමුත් දැන් අපි බලමු TL අඳින විධිය.
Highs , Lows වගේ Peaks ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවනෙ. H1, H4 වගේ Chart එකක peaks 2ක් වත් හැදුනම ඒ peaks යා කරලා Basic TL එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ check කරන්න ඊළඟ peak එකත් ඒ line එකටම set වෙයිද කියල. එහෙම උනොත් අපිට තරමක් දුරට හිතාගන්න පුළුවන් මේ line එක confirm උනා කියල.

මම ගන්නම් මේකට EUR /USD M15 Chart එක. (ගොඩක් වෙලාවට අපි trade කරනකොට බලන් ඉන්නේ M15 හෝ M30 Chart එක දිහානේ ) 2011 Oct 03 00.15 සිට Oct 04 16.15 දක්වා තමයි එකේ පෙන්න තියෙන්නෙ. අපි හිතමු දැන් අපි ඉන්නේ Oct 04 16.15 කියල. දැන් අපිට H1 H2 යා කරලා ඇන්ද line එක H3 එකත් එක්ක තහවුරු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ විධියට අපි ඊට කලින් lines ගැන නොහිතා එක පාරටම lines අඳින්නේ නැහැ . L1 L2 යා කරලා තව එකක් ඇඳගන්න පුළුවන්.

 
දැන් අපිට H1,2,3 වලින් හැදුනු line එක තරමක් විශ්වාසයි. ඒ නිසා ගොඩක් හදිස්සි නම් මේකේ H3 ඉඳල 1 වෙනි bearish candle එකෙන් පස්සේ Sell කරාට කමක් නැහැ.
  • Trend එක Bull නම් Supporting Trend Line එකක් අඳින්න.(යටින්)
  • Trend එක Bear නම් Resisting Trend Line එකක් අඳින්න.(උඩින්)
    මේ 4 ම Reversal Patterns. හැම එකකම 1 වෙනි Candle එකේ පාටින් පෙන්නන Trend එකකට පස්සේ මේ හැඩ ආවොත් තමයි Signal එකක් වෙන්නෙ. ඒ වගේම කුඩා Candle එක සම්පුර්ණයෙන්ම විශාල Candle එකේ Body එකේ සීමාවන් තුල තියෙන්න ඕන.



    මේ තියෙන්නෙත් කලින් හැඩ ටිකම තවත් තහවුරු වුනු Patterns.

    මේ 2 ම ගොඩක් ශක්තිමත් Reversal Patterns.
    • අනුයාත Candles 3 ක් තිබිය යුතුය.
    • පෙර Candle එකේ body සීමාව තුල ඊළඟ Candle එක පටන් ගත යුතුය.
    • Candle එක Close අගය Low හෝ High අගයට ආසන්න විය යුතුය.
    • ආසන්න වශයෙන් තරප්පු පෙළක හැඩයකට පිහිටිය යුතුය.
    Continuation Patterns


    මේ 2 ම එක හා සමාන වගේ පෙනුනත් Bullish Mat Hold Pattern එක Bullish Rising Three Methods Pattern ට වඩා ශක්තිමත්.
    • 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
    • 2, 3, 4 Candles කෙටි විය යුතු අතර 1 වෙනි Candle එකේ Low අගයට ඉහලින් පිහිටිය යුතුය.
    • 4, 5 Candle තරමක පරතරයකින් පිහිටිය යුතු අතර 5 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
    • 5 වෙනි Candle එකේ Close අගය සියල්ලටම ඉහලින් පිහිටිය යුතුය.
    Bullish Mat Hold Pattern සහ Bullish Rising Three Methods Pattern අතර වෙනස නම් Bullish Mat Hold Pattern හි 2 වෙනි Candle එක මුල් එකට වඩා පරතරයකින් තිබීමයි.
    • මේකෙම අනිත් පැත්තට අවොත් Bearish Continuation එකක්. Bearish Falling Three Methods Pattern කියලයි කියන්නෙ.


 


Signal පිළිබදව තවදුරටත් ලිපි අංක දෙක..



Hammer, Inverted Hammer, Hanging Man and Shooting Star

Dragonfly Doji, Gravestone Doji ට ආසන්න වශයෙන් සමාන උනත් මේවා ඊට වැඩ වෙනස්. හේතුව මේ 4 ම පොඩි Candle Body එකක් තියෙනවා. (Candle Body එකේ දිග වගේ දෙතුන් ගුණයක්වත් Shadow එක තියෙන්න ඕනෙ.)






මේ තියෙන්නෙ Eur/Usd H1 Chart එකෙන් ගත්තු රූපයක්. මේකේ තියෙනේ Hammers, Shooting Stars, Hanging Man මම පෙන්නලා තියෙනවා. ඔක්කොම 13 ක්.
1. Shooting Star
2. N/A
3. 
N/A
4. Hanging Man
5. Hanging Man
6. 
N/A
13.Hanging Man
7. 
N/A
8. N/A
9. Shooting Star
10.Inverted Hammer
11.
N/A
12.N/A
මේ ටිකෙන් අපි Trade කරනවානම් කරන්න ඕන 1, 5 ,13, 11 තැන් වලදි විතරයි. අනිත් තැන් වල දාන්න එපා කියන්නේ ඇයි කියල මම කියල දෙන්නම්.

මේ 4 අපට වෙන් කරලා හඳුනාගන්න බැහැ හැඩය විතරක් දැකල. අනිවාර්යයෙන් ඊට පෙර තියෙන Trend එක අනුවයි නම තීරණය වෙන්නේ.

දැන් අපි බලමු අපි කලින් හඳුනාගත්ත Candles ටික ගැන.



මේකේ 1 ට කලින් පැහැදිලි Uptrend(සාමාන්‍යයෙන් Candles 3 ක් වත් තියෙනවද බලන්න) එකක්. ඒ නිසා මේක Shooting Star එකක්.

  • ලඟම Resistance Line එකක් තියෙනෙවා. ඒ නිසා මේකේ Trend එක මාරු වෙන්න ඕන.
  • Shooting Star එකෙන් ඒ අදහස තහවුරු වෙනවා. ඒ නිසා මේක හොඳ Reversal Signal එකක්.
  • ඒ වගේම Shooting Star එකේ පාටත් වෙනස් වෙලා.(Bear) ඒකෙනුත් තවත් තහවුරු වෙනවා.
මෙතන pips 40 ක් විතර පහලට ඇවිත් තියෙනවා.
2, 3 ට කලින් පැහැදිලි Trend එකක් හඳුනාගන්න තරම් අවශ්‍ය Candles සංඛ්‍යාවක් නැහැ. ඒ නිසයි මම ඒ 2 ටම N/A(Not Applicable-අදාල නොවේ) කියල දාල තියෙන්නෙ.

නමුත් 4 ට කලින් 
  • Bull Candles 4 ක්.
  • ඒ නිසා මේක Hanging Man එකක්.
  • Hanging Man එක Bear Candle එකක්.
  • ඒ නිසා හොඳ Signal එකක්.
නමුත් මේක ඇවිත් තියෙන්නෙ RL එකයි SL එකයි මැද. අනිත් පැත්තට ගියොත් Loss එක වැඩියි. ඒ නිසා අපි මේ වගේ Signal මග හරිනවා.



  • 5 ට කලින් පැහැදිලි Uptrend එකක්.
  • ඒ නිසා මෙතන තියෙන්නෙ Hanging Man එකක්.
  • Resistance Line එකත් ළඟ තියෙනවා.
එහෙමනම් මේක Reversal Signal එකක්. Stop Loss එක RL එකට pips10 ක් විතර උඩින් දාලා TP එක පහල Support Line එක කිට්ටුවට ගන්න පුළුවන්.

N/A කියල දාල තියෙන තැන් ඔක්කොම ටික බලන්න. එකක් ගැන හරි සැකයක් තියෙනවනම් අහන්න.
අනිත් ටිකත් බලන්න මම හිතන්නේ දැන් හරියටම තේරෙනවා ඇති. දැන් මේ මාතෘකාව නවත්තන්නයි යන්නේ.

 මේ තියෙන්නෙ හොඳ Reversal Signal 2 ක්. බලන්න තේරුම ගන්න පුලුවන්ද කියල.... කලින් පෙන්නපු ඒවා ඔක්කොම එක Candle එකක් තිබුණු ඒවා වුනාට මේ 2 ම Candlestik යුගලය බැගින් තියෙනවා.


  • 1 වෙනි Candle එකේ Low අගයට පහලින් 2 වෙනි Candle එක පටන්ගත(Start) යුතුය.
  • 1 වෙනි Candle එකේ High අගයට පහලින් සහ 1 වෙනි Candle එකේ body එකේ මැදට ඉහළින් 2 වෙනි Candle එක අවසාන විය(Close) යුතුය.

මේ වගේම Dark Cloud Cover එක ගැනත් තේරුම් ගන්න පුළුවන් නේද? මේකෙම අනිත් පැත්ත.



Marubozu Open=Low සහ Close=High වුනු Candle එකක්.එහෙම නැත්නම් Open=High සහ Close=Low වුනු එකක්. සරලවම කිව්වොත් මේකෙ Shadows නැහැ. ඒ වගේම තරමක් දිගට හැදෙන්නත් ඕන.මෙහෙම එකක් ආවහම සාමාන්‍යයෙන් ඒ Candle එකෙන් පෙන්නන පැත්තටම Trend එකක් හැදෙනවා.
Bull Marubozu=Bull Trend
Bear Marubozu=Bear Trend


මේක තරමක් දුර්ලභ අවස්ථාවක්. Kicking එකකදි අනිවාර්යයෙන්ම Candles 2 අතර ඉඩක් තියෙන්න ඕන. ඒ වගේම මේ 2 ම Marubozu වෙන්නත් ඕන. මෙහෙම ආවොත් ඊට පෙර තිබුණු Trend එක කුමක් වුවත් 2 වෙනි Candle එකේ දිශාවට තමයි යන්නෙ. 


Doji Star හඳුනාගනිමු
  • 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
  • ඊට තරමක් ඈතින්(no overlap) Doji තිබිය යුතුය
  • 3 වෙනි Candle එක විරුද්ධ දිශාවට පිහිටිය යුතු අතර එය 1 වෙනි Candle එකේ Body එක සීමාවේ Close විය යුතුය
Evening Doji Star ට පෙර Trend එක Bull නම් එය Bearish Reversal Pattern එකකි.Morning Doji Star ට පෙර Trend එක Bear නම් එය Bullish Reversal Pattern එකකි.



Abondoned Baby යනු Doji Star හි විශේෂ අවස්ථාවකි. මෙය ඊට වඩා විශ්වාසදායක වන අතර එකම වෙනස නම් 1 වෙනි හා 3 වෙනි Candle 2 ටම ඈතින් Doji පිහිටීමයි.




Star හඳුනාගනිමු
  • 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
  • ඊට තරමක පරතරයකින්(no overlap) කුඩා Candle එකක් හෝ කීපයක් තිබිය යුතුය(වර්ණය ගැටළුවක් නැත)
  • 3 වෙනි Candle එක විරුද්ධ දිශාවට පිහිටිය යුතු අතර එය 1 වෙනි Candle එකේ Body එක සීමාවේ Close විය යුතුය
Evening Star ට පෙර Trend එක Bull නම් එය Bearish Reversal Pattern එකකි.Morning Star ට පෙර Trend එක Bear නම් එය Bullish Reversal Pattern එකකි.

 
 

Signal පිළිබදව තවදුරටත් ලිපි අංක එක.


Bull හෝ Bear Candle එකක් හැදෙන්නෙ කොහොමද කියල මම මුලින්ම කියල දෙන්නම්. මොනයම් හෝ දෙයක් වැඩිපුර මිලදී ගැනීම් වුනොත් මොකද වෙන්නේ? ඒවායේ තොග අඩුවෙන නිසා මිල ඉහල යනවා. (ඉල්ලුම සැපයුම). ඒ කියන්නේ EUR වැඩිපුර මිල දී ගැනීම් Forex Market එකේ වෙනවනම් යුරෝ මිල වැඩි වෙනවා. එහෙමනම් අපි තෝරාගත් කාල සීමාවක් තුල යුරෝ අලෙවි කිරීම් වලට වඩා මිල දේ ගැනීම් වැඩි නම් යුරෝ මිල වැඩිවෙනවා. ඒ කියන්නේ අපි තෝරාගත් කාල සීමාව තුල ආරම්භක අගයට(Opening Rate) වඩා අවසාන අගය(Closing Rate) වැඩියි. එහෙමනම් හැදෙන්නෙ Bull Candle එකක්. ඒ කියන්නේ මේ කාල සීමාව තුල Buyers ලගේ ක්‍රියාකාරිත්වයට වඩා Sellers ලගේ ක්‍රියාකාරිත්වයට වඩා වැඩියි. මේකෙම අනික් පැත්ත වෙනකොට තමා Bear Candle එකක් හැදෙන්නෙ.

එහෙමනම් අපි දාන Buy Trade එක නිසාත් බලපෑමක් වෙනවද?

ඔව් සහතිකවම... නමුත් අපි දාන මුදල Market එකේ සිදුවෙන ගනුදෙනු එක්ක බැලුවම සොච්චමක් විතරයි. අපි $1000 ක Buy එකක් දැම්මත් ඒකෙන් බොහෝ විට 10 වෙනි දශම ස්ථානයවත් වෙනසක් කෙරෙන එකක් නැහැ. කොහොම උනත් අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා.

එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති Doji කියන්නේ මොකක්ද කියල. ඒ කාල සීමාව තුල පාලනය Buyersලාටවත් Sellersලාටවත් ගන්න බැරි වෙලා. දෙගොල්ලන්ගෙන්ම වුනු ක්‍රියාකාරිත්වය සමානයි. සමාන ප්‍රමාණයක්(Volume) මිලදී ගැනීම් හා විකිණීම් වෙලා. 
මේක Reversal Signal එකක්.

Doji මතු වුනහම අපිට Forex Signal එකක් දෙන්නනම් හැම වෙලේම ඊට පෙර Candles බලන්න වෙනවා. ඊට පෙර තියෙන්නෙ Bull Trend එකක් නම් Doji ට පස්සේ අපිට හිතන්න පුළුවන් Bear Trend එකක් එයි කියල. එක දිගට Bull Candles කීපයකට පස්සේ Doji එනවා කියන්නේ Sellers ලගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගත්ත කියන එකයි. ඒ කියන්නේ මේ දක්වා Buyers ල අතේ තිබුණු පාලනය Sellers ල ගන්න යන්න බවට ඉඟියක්.

මම දැන් කියල දෙන්නම් Forex Signal එකක් හදාගන්න විධියඅද EUR/USD M30 Chart එකේ උදේ 6.00 ට හැදිච්ච Candle එක Doji ක්. මේකේ Open සහ Close අතර වෙනස pip 1 ක් තියෙනවා. නමුත් Doji කියන්නේ මේ වෙනස 0 ක් වෙන එකකටනේ. ඒත් අපිට මේ වගේ ආසන්න වශයෙන් හැදෙන එව්වත් Doji කියල ගන්න පුළුවන්.(මම තව පාවිච්චි කරන UWC MT4 එකේනං මෙතන හරියටම Doji ක් හැදිලා තියෙනව)



බලන්න Doji ට පෙර Bear Candle 2 ක් තියෙන්නෙ.(Bear Trend එකක්) එතන Resistance Line(RL) එකක් තියෙනවා. එහෙමනම් අපිට හිතන්න පුළුවන් විකල්ප 2 යි. එක්කෝ RL එක කඩාගෙන පහලට යයි(Breakout). එහෙම නැත්නම් හැරිලා උඩට යයි(Reverse). එතැනම Doji ආව කියන්නේ ආපහු හැරිලා යයි කියල ලැබෙන තව ඉඟියක්(RL එකට අමතරව) 
ඒත් හදිස්සි වෙන්න එපා. තවත් තහවුරු කරගන්න. 
Doji යේ ඉහල අගයට(High Rate) වඩා pip 1 ක් ඉහල ගියාට පස්සේ Buy Trade එක දාන්න. Doji එක උඩට mouse එකේ arrow එක අරන් ගියාම High Rate එක බලාගන්න පුළුවන්.(මේකේ 1.3085) එහෙමනම් 1.3086 දී Buy Trade එක දාන්න පුළුවන්. මේ වෙලාවේ ඊට ඉහළින් තියෙන RL එක තියෙන්නෙ 1.3135 න්. නමුත් ඊට පහල තරමක් දුර්වල RL එකක් තියෙනවා 1.3117 දී.(මේක මම රූපයේ පෙන්නලා නැහැ.) ඒ නිසා Take Profit 1.3115 විතර දාන එක හොඳයි. ඊට පස්සේ බලන් ඉඳල 1.3117 කඩන යනවා නම් 1.3133 දක්වා Trade එක තියාගන්න. ඔන්න Forex signal එක හරි.
Buy EUR/USD @ 1.3086TP @ 1.3115,1.3133

මේ තියෙන්නෙ ඉහත මම පෙන්නපු Forex Signal එකේ රුප සටහන.



මේ තියෙන්නෙ අද USD/CAD H1 Chart එක. බලන්න එතන Doji 3 ක් තියෙනවා. ඒත් 1 වෙනි එකෙන් නම් Revers වෙලා නැහැ.Continue වෙලා තියෙන්නෙ. ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගය(Low)ට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ. ඒත් එහෙම බැහැල නැහැ. එනිසා ඒක Revers Signal එකක් වෙන්න විධියක් නැහැ. ඒක False Signal එකක් එහෙම නැත්නම් Fake Signal(බොරු) එකක්.
නමුත් 2 වෙනි එකේදි ආපහු හැරෙන්න නම් ඉහල යන්නයි ඕන. Doji එකේ ඉහල අගයට වඩා ඊළඟ Candle ක ඉහල ගිහින්. එනිසා Buy Order එකක් දාන්න පුළුවන්. 
ඒ වගේම 3 වෙනි එක දිහාත් බලලා තේරුම් ගන්න.
Resistance & Support Zones 



ඉහත රූපයේ 1.3097 තිරස් රේඛාව Resistance Line එකක් විධියට වැඩ කරලා. නමුත් ඇත්තටම Resistance Line එකක නිශ්චිත අගයක් කාටවත්ම කියන්න බැහැ. හේතුව තමයි මේක ඇත්තටම තීරුවක්‌;කලාපයක්;Zone එකක්. ඒ කියන්නේ pips කීපයක් මහත පටියක් වගේ. නමුත් අපි මේ විධියට Resistance Zone නෙමයි අඳින්නේ Resistance Line. ඒත් මතක තියාගන්න මේක pips කීපයක් මහතZone එකක් වග. එනිසා අපි අඳින Line එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.

බලන්න 
Resistance Line එක ළඟ හැදිලා තියෙන Candles වල Shadows ගොඩක් ඒ පැත්තට වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඒ රේඛාව කඩාගෙන යන්න උත්සාහ කරලා කරලා බැරි වෙලා කියන එකනේ. මේ වගේ වෙලාවක අපි කියන්නේ Resistance Line එකTest කරනවා කියල. එහෙමනම් අපි හඳුනා නොගත් තැනක උනත් තිරස් රේඛාවක් ලෙස Candlestick Shadows ටිකක් හැදුනොත් අපිට අනුමාන කරන්න පුළුවන් එතන Resistance Line එකක් තියෙනවා කියල.
මේ වගේම අනික් පැත්තට 
Support Line ගැන හිතාගන්න. 

අපි මේ දක්වා මේ ගැන ඉගෙනගන්නකොට Forex වලට නිතර භාවිත වන පාරිභාෂික වචන කීපයක් ගැන දැනගත්තා. කොයි දෙයක් හරි ඉගෙනගන්නකොට නැවත නැවතත් මෙනෙහි කරන්න ඕනනේ. ඒ නිසා මම පහතින් දාන වචන ටික බලන්න මතකද කියල. නැතිනම් ආයේ මේ නූල දිගේ ගිහින් කියවල බලන්න.
Major Currencies
Currency Pair
Lot, Mini Lot, Micro Lot, Nano Lot
Leverage
Trade
Sell Trade
Buy Trade
Metatrader
Bid , Ask
Spread
Symbol
Stop Loss
Take Profit
Type
Sell ,Buy
Balance 
Equity 
Margin 
Free Margin 
Margin Level 
Profit
pips
Volume
Bar chart, Candlestick chart, Line chart
Body, Shadows
Bull, Bullish, Bull Market
Bear Bearish, Bullish Market
Trend
Continue, Reverse
Support Lines and Resistance Lines
Highs, Lows
Breakout, Bouncing
struggling
Resistance Area
Reversal Signal
Continuing Signals
Doji
Buyers, Sellers
Open, Close, Low, High
False Signal, Fake Signal
Testing Support Lines and Resistance Lines
Resistance, Support Line අඳින්න කිව්වට මට අමතක උනා MT4 එකේ මේ තිරස් රේඛා අඳින විධිය කියන්න.



මේ රූපයේ රවුම් කරලා තියෙන තැන වම් පැත්තේ තියෙන icon එක click කරලා අවශ්‍ය තැනට ගිහින් අත අරින්න. Line එක වෙනස්කමක් කරන්න ඕන නම් ඒක උඩ Right Click කරලා එන මෙනු එකෙන් පාට, ඝනකම, අගය වගේ අවශ්‍ය වෙනස්කම් ඔබටම කරගන්න පුළුවන්. 

 Doji පොඩි පොඩි හැඩය වෙනස්වීම් අනුව නම් කීපයක් ලැබිල තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති. Doji එකක් හරහා එන Reversal Signal ගොඩක් ප්‍රබල වෙනවා(වඩාත් විශ්වාසදායි වෙනවා) ඊට පෙර දිග Body සහිත Candles ගණනාවක් තිබුනොත්(3 කට වැඩි). 



Long-Legged කියන්නේ දිග කකුල් සහිත කියන එකනේ. 
Long-Legged Doji එකට පෙර කුඩා Candles කීපයක්නම් තියෙන්නෙ ප්‍රබල Reversal Signal එකක්.

Dragonfly කියන්නේ මකරෙක් අහසේ පියාඹන කොට පේන හැඩය මේකේ තියෙන නිසයි. මේකේ Open=Close=High



Gravestone කියන්නේ සොහොන්ගලට. සොහොනක් උඩ පාදම සහිත සිරස් ගල කනුවෙ හැඩය නිසා ඒ නම ලැබිල තියෙන්නෙ. 
මේකේ Open=Close=LowFour Price කියන්නේ Candle එකක තියෙන අගයන්(Prices) 4 ම මෙතැනදී සමාන වෙලා තියෙන නිසයි.(High=Low=Open=Close)

 මේ තියෙන්නෙ අද EUR/USD Chart එකෙන් උදාහරණ කීපයක්.














Doji ආවාම අපිට පවතින Trend එක මාරුවෙනවා කියල අනුමාන කරන්න පුළුවන් උනාට Dragonfly Doji, Gravestone Doji වලදි කතාව පොඩ්ඩක් වෙනස්. 

ඒ කියන්නෙ 
Dragonfly Doji එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bear Trend එකකදි. 
Gravestone Doji
එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bull Trend එකකදි. අනිත් වෙලාවට එන ඒවා බොහෝ විට Fake වෙන්න පුළුවන්.