Monday, March 26, 2012

Meta Trader (MT4) එක ගැන හදුනා ගනිමු

Meta Trader එක කවදාවත් පාවිච්චි නොකළ කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මුලින් දැනට අවශ්‍ය දේවල් ගැන පොඩ්ඩක් කියල දෙන්නම්. මේකේ ප්‍රධාන කොටස් 5 ක් ඕගොල්ලන්ට පේනවද?





1. උඩින්ම තියෙන Menu Bar එකත් එක්ක තියෙන ටික.
2. Chart 4 සහිත කොටස
3. Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුව
4. ඊට පල්ලෙහා තියෙන Navigator වින්ඩෝව
5. යටින්ම තියෙන Terminal වින්ඩෝව

මේකේ ඔයගොල්ලන්ට පේනවද Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුවේ Symbol , Bid , Ask කියන මාතෘකා එක්ක තියෙන වගුව. මෙතන Symbol කියන්නේ අපිට trade කල හැකි Currency Pairs. විනිමය අනුපාතිකයක් ප්‍රකාශ කෙරන්නේ මිලදී ගැනීමේ(Buying) සහ විකුණුම්(Selling) අනුපාතයන් ලෙසයි. "Ask " කියන්නේ Buy අගයටයි. "Bid " කියන්නේ Sell අගයටයි. හැම වෙලේම Bid එකට වඩා Ask එක වැඩියි. මේ දෙකේ පරතරයට තම "Spread " කියන්නේ.


Ask Value -Bid Value =Spread
 
මේක තමයි Brokers ලට ලැබෙන ලාභය.

බලන්න ඉහත රූපයේ EUR /USD Bid , Ask අගයන් 

Bid =1.2719
Ask =1.2722
එහෙනම් EUR /USD Currency Pair එක සඳහා Instaforex කියන Broker ගන්නේ 0.0003 යි. ඒ කියන්නේ Pips 3 ක්. Forex Trading වලදී 4 වන දශම ස්ථානයේ ඒකක 1 ක් හඳුන්වන්නේ Pip එකක් කියල. (JPY ජපාන යෙන් එක්ක තියෙන යුගල වලනම් 2 වන දශම ස්ථානය USD/JPY, EUR/JPY,....) 
Pips
 කියන වචනය ගොඩක් වැදගත් වචනයක්. ඉදිරියේදී ඒ ගැන තව ටිකක් කතා කරමු.

Forex trade කරනවා කියන්නේ මොකක්ද?

අපි බලමු දැන් Forex වලින් ලාභ ලබන ආකාරය. ඔයගොල්ලන්ගේ Instatrader එකේ Chart 4 න් EUR /USD Chart එක Maximize කරගන්න.(අපි මෙතනින් පස්සේ EUR /USD Currency Pair එකම භාවිතා කරමු පුහුණු වෙන්න) බලන්න Chart එකේ EUR /USD අගය වේලාවෙන් වෙලාවට ඉහල පහල යනවා. ඒ කියන්නේ අඩු වැඩි වෙනවා.
EUR /USD අගය එන්න එන්නම අඩු වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය අඩු වෙනවා කියන එකයි. EUR /USD අගය එන්න එන්නම වැඩි වෙනවා කියන්නේ ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව යුරෝ එකේ අගය වැඩි වෙනවා කියන එකයි.
දැන් අපි හිතමු අපට පේනවා EUR /USD අගය වැඩි වෙන්නයි යන්නේ. එහෙමනම් දැන් යුරෝ ටිකක් මිල දී ගත්තොත් වැඩි උනායින් පස්සේ විකුණලා ලාභ ගන්න පුළුවන්. එහෙනම් අපි EUR /USD "Buy " කරන්නයි තියෙන්නේ.වැඩි උනහම "Sell " කරන්න පුළුවන්නේ? එතකොට Profit . EUR /USD Buy කරන එකට අපි කියන්නේ EUR /USD Buy Order එකක් දානවා කියල. Profit ගන්න ආයේ Sell කරනවා වෙනුවට අපි කරන්නේ Open කල Trade එක Close කරන එකයි.

අපි හිතමු දැන් EUR /USD 1.2900
අපි EUR /USD Buy Order එකක් දානවා
ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2920 දක්වා වැඩි වෙලා. 
දැන් වික්කොත් Profit . ඒ කියන්න අපි Trade එක close කරනවා. 
1.2920 - 1.2920 = 0.0020
ඒ කියන්නේ අපි කලින් කිව්වනේ 0.0001 ක් කියන්නේ Pip එකක් කියල. එහෙමනම් pips 20 ක් Profit .

අපි හිතමු දැන් EUR /USD 1.2920 
අපි EUR /USD Sell Order එකක් දානවා
ටික වෙලාවකින් බැලුවම EUR /USD 1.2895 දක්වා අඩු වෙලා. 
දැන් අපි Trade එක close කරනවා. 
1.2920 - 1.2895 = 0.0025
එහෙමනම් pips 25 ක් Profit 

දන්නෙම නැති 
කෙනෙකුට මෙහෙම කිව්වටම හරියටම අවබෝධ කරගන්න අපහසු වෙන්න පුළුවන්. අපි මේක කරලා බැලුවහම හරිම අදහසක් ගන්න පුළුවන්


අපිට Trade එකක් දාගන්න මේ වින්ඩෝව මතුකර ගන්න ඕන



ඒකට අපිට MT4 එකේ පහත පෙනෙන තැන්වලින් ගන්න පුළුවන්.





1. Menu Bar එකේ Tools වලට ගිහින් "New Order" select කරන්න. 
2. Menu Bar එකට යටින් තියෙනේ පේලියේ "New Order select" කරන්න.
3. Market Watch Window එකේ EUR /USD උඩ Double Click කරන්න.
4. Chart එක උඩ Right Click කරහම මතුවන වින්ඩෝවේ Trading ----New Trade select කරන්න.
5. F9 key එක ඔබන්න





දැන් අපි මතු කරගත් වින්ඩෝවේ තියෙන දේවල් කීපයක් තේරුම් ගමු. 

1. Symbol 
Symbol කියන්නේ අපි trade කරන්න යන Currency Pair එකටයි. ඒක උඩ click කරලා බලන්න එතනින් ඔක්කොම Currency Pair ටික මතු වෙනවා. එතකොට අපිට අවශ්‍ය Currency Pair එක තෝර ගන්න පුළුවන්. අපි මේ උදාහරණයේදී ගන්නේ EUR /USD.
2. Volume 
Volume කියන්නේ අපි කලින් කතා කල Lot කියන එකටයි. Volume 1 ක් කියන්නේ Lot 1(100,000) කට. 
නමුත් මේකේ(Insta Trader) ගණන් හදල බැලුවම Mini Lot 1 ක් 
එතන click කරලා අපිට දාන trade එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්.
0.1 Volume = 1,000
0.01 Volume = 100
මේක තමයි අපේ ආයෝජනය
3. Stop Loss 
මේක ගොඩක් වැදගත් Forex Trade කරන විට. අපි Trade එකක් දැම්මට සමහර විට අපි අනුමාන කල පැත්තට යන්නැතිව අනෙක් පැත්තට යනවා. එහෙම උනොත් අපිට පාඩුවක් වෙන්නේ. Stop Loss එකක් නැතිව තිබුනොත් සමහර විට අපේ Account එකේ මුදල සම්පුර්ණයෙන්ම අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. මෙතනින් අපි දෙනවා MT4 එකට ඒ අගය දක්වාම Rate එක අනෙක් පැත්තට ගියොත් Trade එක පාඩු පිට Close කරන්න කියල.
4. Take Profit 
අපිට Pips කීයක් ඕනද කියල තීරණය කරලා ඒ වෙන කොට Rate එක බලල මෙතන දාන්න පුළුවන්. එතකොට ඒ අගයට ආ විගසම Broker Trade එක Close කරනවා. ඒක MT4 එකෙන් Auto වෙනවා.
5. Type 
මෙතන click කලාම Instant Execution , Pending Order කියල තේරීම් 2 ක් පෙන්නනවා. Instant Execution තේරුවොත් ඒ මොහොතේම Trade එක ක්‍රියාත්මක වෙනවා. Pending Order ගැන පසුව පැහැදිලි කරලා දෙන්නම්
6. Sell ,Buy 
මෙතනින් අපිට තෝරන්න පුළුවන් අපි කරන Trade එක "Sell " එකක්ද "Buy " එකක්ද යන වග.

Demo Account එකක් සාදමු



Forex Market එකේ trade කරන්න පාවිච්චි කරන්න පුළුවන් softwares ගොඩක් තියෙනවා.අපි පාවිච්චි කරන්න යන්නේ "Metatrader" කියන software එක(version 4).අපි මේ Demo account එක open කරන්න යන්නේ "Instaforex" කියන Forex Broker ගෙන්. එහෙනම් අපි www.instaforex.com  එක්ක Demo account එකක් open කරමු.


1. මුලින්ම www.instaforex.com  වලට යන්න. දැන් මම පෙන්නලා තියෙන "Trading Platform MetaTrader " බට්න් එක click කරන්න.

2. දැන් මම පෙන්නලා තියෙන ".......Download Sotware " බට්න් එක click කරන්න.





3. ඊළඟ පිටුවේ තේරීම් 3 ක් තියෙනවා. අපි ඒකෙ මුල්ම එකට යමුකෝ.








4. දැන් එන මේ window ඒකෙ "Save File" click කරලා save කර ගන්න.


5. දැන් save කර ගත්ත ".exe " file එක Run කරලා install කර ගන්න.
 6. දැන් මේ විධියට MT4 එක open වෙයි.
                                      

 7. දැන් මේ ටික තමන්ගේ විස්තර නිවැරදිව පුරවල "Next " click කරන්න.

  8.Demo Account  තෝරන්න.
  9. ඔන්න දැන් හරි

Thursday, March 22, 2012

තව දුරටත් ෆොරෙක්ස්(Forex).



Forex Market එකේ ප්‍රධාන වශයෙන් හුවමාරු වන ශක්තිමත් මුදල් වර්ග කිහිපයක් තියෙනවා. ඒවා Major Currencies ලෙස හඳුන්වන්නේ...



මම කලින් කියල දීපු විධියට මුදල් වර්ග 2 බැගින් නේ හුවවමරු වෙන්නේ. ඒ කියන්නේ මුදල් වර්ග යුගලයක්. (Currency Pair ) මේ වගේ ප්‍රධාන ලෙසම හුවමාරු වෙන Major Currency Pairs වර්ග ටික තමා මේ තියෙන්නෙ.
Major Currency Pairs

Pair- අදාල රටවල්- කෙටි නම
EUR/USD- European Union/United States- Euro Dollar
USD/JPY -United States/Japan- Dollar Yen
GBP/USD -Great Britain/United States- Pound Dollar
USD/CHF- United States/Switzerland- Dollar Swissy / Dollar Franc
USD/CAD - United States/Canada -Dollar Loonie
AUD/USD -United States/Australia- Aussie Dollar
NZD/USD -New Zealand/United States- Kiwi Dollar


  • මේ අතරිනුත් වැඩියෙන්ම අලෙවි වෙන්නේ EUR /USD.





Forex Trading වල වෙන කාර්යය මේ වගේ. මුදල් වර්ග හැම එකකම විනිමය අනුපාතිකය හැම වෙලේම වෙනස් වෙනවා. ඒ වගේම විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන්නේ තවත් මුදල් වර්ගයකට සාපේක්ෂවනේ. අපි ඩොලර් එකක වටිනාකම රුපියල් 113 යි කියන්නේ USD /LKR අගය. ඒ කියන්නේ USD 1 ක් ශ්‍රී ලංකාවේ රුපියල් 113 ක්.
EUR /USD 1.3000
කියන්නේ EUR 1 ක් USD 1.3 ක් කියන එකයි. මේ අගය හැම වෙලේම වෙනස් වෙනවා. ඉහල පහල යනවා. අපි හිතමු ඉදිරියේදී EUR /USD අගය ඉහල යන්න ඉඩ තියෙනවා කියල. දැන් වටිනාකම 1.3. දැන් අපි EUR 10 ක් මිල දී ගන්නවා USD වියදම් කරලා(මේකට තමයි "EUR /USD Buy " එකක් කියන්නේ). ඒකට යන USD ගාන 1.3x10 =13, $13ක් යනවා. දැන් පය කීපයක් යද්දී EUR /USD අගය 1.3100 ක් වෙලා. දැන් අපි නැවත යුරෝ 10 විකුණලා ඩොලර් කරගන්නවා. එහෙමනම් දැන් අපිට ලැබෙන ඩොලර් ගාන කීයද? 1.3100x10 =13.1 දැන් එහෙමනම් අපිට $0.1 ක ලාභයක් ගන්න පුළුවන්.


මුල සිට ෆොරෙක්ස්(Forex)...


Forex ගැන ගොඩක් අය ගාව අදහසක් නැති නිසා මම හිතුවා මේ ගැන මුල ඉඳන්ම සරලව ලියවෙන ලිපි පෙළක් අවශ්‍යයි කියල. ඒ ගැන තමයි මේ බ්ලොග් එකෙන් ඔයාලට අපි කියල දෙන්න හදන්නේ.මේක නිවැරිදිව ඉගන ගන්න අයට මාසිකව රුපියල් තිස් හතලිස් දාහක් හොයන්න පුළුවන් කියන එකට අපි වගකියනව..එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු.

Forex
කියන්නේ Foreign Exchange කියන වචන 2 කෙටි කරලා හදපු වචනයක්. එතැනින්ම ඔබට අදහසක් එන්න ඇති මේ මොකක්ද කියල. Forex කියන්නේ විදේශීය මුදල් හුවමාරුවටයි. අපි Share Market එක ගත්තොත් එතන වෙන්නේ ව්‍යාපාර කොටස්, මුදල් හුවමාරුවක්. සිල්ලර කඩයක් ගත්තොත් එතන වෙන්නේ භාණ්ඩ, මුදල් හුමරුවක්. Forex Market එකේ වෙන්නේ එක මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වීමයි. ඒ කියන්නේ අපි මුදල් දීල ගන්නේ තවත් මුදල් වර්ගයක්මයි. අපි විදේශ ගත වෙනකොට මෙහෙ සල්ලි ඇමෙරිකානු ඩොලර් වලට මාරු කරගන්න කොට වෙන්නෙත් නොදැනුවත්වම ෆොරෙක්ස් වෙළඳාමක්. ශ්‍රී ලංකානු රුපියල් අලෙවි කරලා ඇමෙරිකානු ඩොලර් මිල දී ගැනීමක්. නමුත් එවැනි අවස්ථාවක අපි ලාභ ලැබීමේ අරමුණින් නෙවෙයි ෆොරෙක්ස් වෙළඳාම කලේ. නමුත් Forex Market එකේ වෙන්නේ ලාභ ලැබීමේ අරමුණින්ම මුදල් හුවමාරු කිරීමයි. එහෙනම් මේක සල්ලි විකුණලා ආදායම ගන්න පුළුවන් ක්‍රමයක්. Forex Market එක ලෝකයේ තියෙන ලොකුම වෙළඳ පොළ. සාමාන්‍යයෙන් දවසකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ක් විතර ගනුදෙනු වෙනවා. මේ ප්‍රමාණයෙන් 10% ක් විතර වෙන්නේ අර මුලින් කියපු විධියට අපේ අවශ්‍යතා වලට කෙරෙන ඒවා. අනෙක් 90% ම ලාභ ලැබීමේ අරමුණින් කරන ඒවා.