Wednesday, April 4, 2012

Signal පිළිබදව තවදුරටත් ලිපි අංක හතර.



                  Forex Signals 

Forex Signal කියන්නෙ Currency Pair එකක Market එක හැසිරෙන විධිය ගැන දෙන අනාවැකියක්. අපි කාටවත්ම 100% ක් නිවැරැදි අනාවැකියක් පල කරන්න බැහැ. නමුත් සෑහෙන දුරට සාර්ථකව අනාවැකි පල කරන්න නම් අපි හොඳ අධ්‍යයනයක යෙදෙන්න ඕන. අපි දැනට සාකච්ඡා කලේ Technical Analysis හරහා Markrt එක අධ්‍යයනය කරන ක්‍රම කීපයක්.
Support Lines & Resistance Lines
Trend Lines
Candlestick Patterns




Forex Signal එකක් නිවැරැදිව දෙන්නනම් එහි අඩංගු විය යුතු ප්‍රධාන කාරණා 3 යි.
Trend(Up/Down) 
Take Profit
Stop Loss 


Trend එක කියන්නෙ මින් පසු අගය වැඩි වේද (uptrend) අඩු වේද (downtrend) යන්නයි.Take Profit කියන්නෙ අප අනුමාන කරන දිශාවේ කොපමණ දුරක් යනවාද යන්නයි.



ඉහත පෙන්නලා තියෙන්නෙ Forex Signal එකක් හදාගන්න විධිය ගැන සරල උදාහරණයක්‌.(ශක්තිමත් Forex Signal එකක් නොවේ)



අපිට Chart එකේ බැලුවම Downtrend එකක් තියෙන්නෙ. Trend line එකෙන් බැලුවාමත් ඒක පේනවා.(මේ Trend line එක Forex Signal එකක් තීරණය කරන්න තරම් ප්‍රභල නැහැ. උදාහරණය සඳහා පමණයි). එහෙමනම් දැන් අපිට අනුමාන කරන්න පුළුවන් අංක 1 විධියට Chart එක යයි කියල. එහෙමනම් අපි දාන්න ඕන Buy එකක්.(ඔන්න Trend එක තීරණය කලා)
නමුත් අපි අනුමාන කරන දිශාව වෙනස් වෙලා Trend එක මාරු උනොත් අංක 2 විධියට හෝ 1.3133 රේඛාව කඩාගෙන ඉහල යයි. එහෙම උනොත් අපේ Account එකේ මුදල් ඉවර වෙන්නම Loss වෙයි. මේ පාඩුව වලක්වා ගන්න තමයි අපි Stop Loss එක දාන්නේ. එතකොට පොඩි පාඩුවක් එක්ක Trade එක Close වෙනවා. Money Management වලදි අපි Trade එකක් දාන්න ඕන අවම වශයෙන් Stop Loss:Take Profit=1:2 වත් තියෙන ආකාරයට. ඊට වැඩි නම් තවත් හොඳයි. 1:3, 1:4 වගේ. එතකොට අපි දාන Trade 50% ක් Loss උනත් අපි අවසානයේ Profit.
දැන් අගය 1.3115 යි. පහලට අවොත් 1.3060 දක්වා එයි. ඉහල ගියොත් 1.3133 දක්වා ගිහින් හැරිලා පහලට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි Stop Loss එක 1.3133 ම දාන්න හොඳ නැහැ. පොඩ්ඩක් ඉහලට දාන්න.(සාමාන්‍යයෙන් pips 10 ක් වත්) නමුත් මේ උදාහරණයේ මම දාල තියෙන්නෙ 1.3135. ඒ කියන්නෙ pips 20ක්.(1.3135-1.3115=20pips) 


Take Profit එහෙමනම් pips 40 ක් වත් දාන්න ඕනනෙ. 1.3115 - 1.3060=55pips. නමුත් අපි 1.3060 ටම දාන්න හොඳ නැහැ. සමහර වෙලාවට කිට්ටුවට ගිහින් හැරිලා එන්නත් පුළුවන්. ඒ නිසා තරමක් ඉඩ තියල Take Profit එක දාන්න. මම දාල තියෙන්නෙ 1.3075(40pips)


Xහි අගය 2 හෝ ඊට වැඩි විය යුතුය.

                        Prediction


 

No comments:

Post a Comment