Forex Market එකේ ප්‍රධාන වශයෙන් හුවමාරු වන ශක්තිමත් මුදල් වර්ග කිහිපයක්
තියෙනවා. ඒවා Major Currencies ලෙස හඳුන්වන්නේ...
මම කලින් කියල දීපු විධියට මුදල්
වර්ග 2 බැගින් නේ
හුවවමරු වෙන්නේ. ඒ කියන්නේ මුදල් වර්ග යුගලයක්. (Currency Pair ) මේ වගේ ප්‍රධාන ලෙසම හුවමාරු වෙන
Major Currency Pairs වර්ග ටික තමා මේ තියෙන්නෙ.
Major Currency Pairs
Pair- අදාල රටවල්- කෙටි නම
EUR/USD- European Union/United States- Euro Dollar
USD/JPY -United States/Japan- Dollar Yen
GBP/USD -Great Britain/United States- Pound Dollar
USD/CHF- United States/Switzerland- Dollar Swissy / Dollar Franc
USD/CAD - United States/Canada -Dollar
Loonie
AUD/USD -United States/Australia- Aussie Dollar
NZD/USD -New Zealand/United States- Kiwi Dollar
Forex
Trading වල වෙන
කාර්යය මේ වගේ. මුදල් වර්ග හැම එකකම විනිමය අනුපාතිකය හැම වෙලේම වෙනස් වෙනවා. ඒ
වගේම විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන්නේ තවත් මුදල් වර්ගයකට සාපේක්ෂවනේ. අපි ඩොලර්
එකක වටිනාකම රුපියල් 113 යි කියන්නේ USD
/LKR අගය. ඒ කියන්නේ USD 1 ක්
ශ්‍රී ලංකාවේ රුපියල් 113 ක්.EUR /USD 1.3000 කියන්නේ EUR 1 ක් USD 1.3 ක් කියන එකයි. මේ අගය හැම වෙලේම වෙනස් වෙනවා. ඉහල පහල යනවා. අපි හිතමු ඉදිරියේදී EUR /USD අගය ඉහල යන්න ඉඩ තියෙනවා කියල. දැන් වටිනාකම 1.3. දැන් අපි EUR 10 ක් මිල දී ගන්නවා USD වියදම් කරලා(මේකට තමයි "EUR /USD Buy " එකක් කියන්නේ). ඒකට යන USD ගාන 1.3x10 =13, $13ක් යනවා. දැන් පය කීපයක් යද්දී EUR /USD අගය 1.3100 ක් වෙලා. දැන් අපි නැවත යුරෝ 10 විකුණලා ඩොලර් කරගන්නවා. එහෙමනම් දැන් අපිට ලැබෙන ඩොලර් ගාන කීයද? 1.3100x10 =13.1 දැන් එහෙමනම් අපිට $0.1 ක ලාභයක් ගන්න පුළුවන්.
No comments:
Post a Comment