Hammer, Inverted Hammer, Hanging Man and Shooting Star
Dragonfly Doji, Gravestone Doji ට ආසන්න වශයෙන් සමාන උනත් මේවා ඊට වැඩ වෙනස්. හේතුව මේ 4 ම පොඩි Candle Body එකක් තියෙනවා. (Candle Body එකේ දිග වගේ දෙතුන් ගුණයක්වත් Shadow එක තියෙන්න ඕනෙ.)
මේ තියෙන්නෙ Eur/Usd H1 Chart එකෙන් ගත්තු රූපයක්. මේකේ තියෙනේ Hammers, Shooting Stars, Hanging Man මම පෙන්නලා තියෙනවා. ඔක්කොම 13 ක්.
1. Shooting Star
2. N/A
3. N/A4. Hanging Man
5. Hanging Man
6. N/A13.Hanging Man
7. N/A8. N/A9. Shooting Star12.N/A
10.Inverted Hammer
11.N/A
මේ ටිකෙන් අපි Trade කරනවානම් කරන්න ඕන 1, 5 ,13, 11 තැන් වලදි විතරයි. අනිත් තැන් වල දාන්න එපා කියන්නේ ඇයි කියල මම කියල දෙන්නම්.
මේ 4 අපට වෙන් කරලා හඳුනාගන්න බැහැ හැඩය විතරක් දැකල. අනිවාර්යයෙන් ඊට පෙර තියෙන Trend එක අනුවයි නම තීරණය වෙන්නේ.


දැන් අපි බලමු අපි කලින් හඳුනාගත්ත Candles ටික ගැන.

මේකේ 1 ට කලින් පැහැදිලි Uptrend(සාමාන්‍යයෙන් Candles 3 ක් වත් තියෙනවද බලන්න) එකක්. ඒ නිසා මේක Shooting Star එකක්.
මේකේ 1 ට කලින් පැහැදිලි Uptrend(සාමාන්‍යයෙන් Candles 3 ක් වත් තියෙනවද බලන්න) එකක්. ඒ නිසා මේක Shooting Star එකක්.
- ඒ ලඟම Resistance Line එකක් තියෙනෙවා. ඒ නිසා මේකේ Trend එක මාරු වෙන්න ඕන.
- Shooting Star එකෙන් ඒ අදහස තහවුරු වෙනවා. ඒ නිසා මේක හොඳ Reversal Signal එකක්.
- ඒ වගේම Shooting Star එකේ පාටත් වෙනස් වෙලා.(Bear) ඒකෙනුත් තවත් තහවුරු වෙනවා.
මෙතන pips 40 ක් විතර පහලට ඇවිත් තියෙනවා.
2, 3 ට කලින් පැහැදිලි Trend එකක් හඳුනාගන්න තරම් අවශ්‍ය Candles සංඛ්‍යාවක් නැහැ. ඒ නිසයි මම ඒ 2 ටම N/A(Not Applicable-අදාල නොවේ) කියල දාල තියෙන්නෙ.
නමුත් 4 ට කලින්
- Bull Candles 4 ක්.
- ඒ නිසා මේක Hanging Man එකක්.
- Hanging Man එක Bear Candle එකක්.
- ඒ නිසා හොඳ Signal එකක්.
නමුත් මේක ඇවිත් තියෙන්නෙ RL එකයි SL එකයි මැද. අනිත් පැත්තට ගියොත් Loss එක වැඩියි. ඒ නිසා අපි මේ වගේ Signal මග හරිනවා.
- 5 ට කලින් පැහැදිලි Uptrend එකක්.
- ඒ නිසා මෙතන තියෙන්නෙ Hanging Man එකක්.
- Resistance Line එකත් ළඟ තියෙනවා.
එහෙමනම් මේක Reversal Signal එකක්. Stop Loss එක RL එකට pips10 ක් විතර උඩින් දාලා TP එක පහල Support Line එක කිට්ටුවට ගන්න පුළුවන්.
N/A කියල දාල තියෙන තැන් ඔක්කොම ටික බලන්න. එකක් ගැන හරි සැකයක් තියෙනවනම් අහන්න.
අනිත් ටිකත් බලන්න මම හිතන්නේ දැන් හරියටම තේරෙනවා ඇති. දැන් මේ මාතෘකාව නවත්තන්නයි යන්නේ.
N/A කියල දාල තියෙන තැන් ඔක්කොම ටික බලන්න. එකක් ගැන හරි සැකයක් තියෙනවනම් අහන්න.
අනිත් ටිකත් බලන්න මම හිතන්නේ දැන් හරියටම තේරෙනවා ඇති. දැන් මේ මාතෘකාව නවත්තන්නයි යන්නේ.
- 1 වෙනි Candle එකේ Low අගයට පහලින් 2 වෙනි Candle එක පටන්ගත(Start) යුතුය.
- 1 වෙනි Candle එකේ High අගයට පහලින් සහ 1 වෙනි Candle එකේ body එකේ මැදට ඉහළින් 2 වෙනි Candle එක අවසාන විය(Close) යුතුය.
මේ වගේම Dark Cloud Cover එක ගැනත් තේරුම් ගන්න පුළුවන් නේද? මේකෙම අනිත් පැත්ත.
Marubozu Open=Low සහ Close=High වුනු Candle එකක්.එහෙම නැත්නම් Open=High සහ Close=Low වුනු එකක්. සරලවම කිව්වොත් මේකෙ Shadows නැහැ. ඒ වගේම තරමක් දිගට හැදෙන්නත් ඕන.මෙහෙම එකක් ආවහම සාමාන්‍යයෙන් ඒ Candle එකෙන් පෙන්නන පැත්තටම Trend එකක් හැදෙනවා.
Bull Marubozu=Bull TrendBear Marubozu=Bear Trend
Bull Marubozu=Bull TrendBear Marubozu=Bear Trend
මේක තරමක් දුර්ලභ අවස්ථාවක්. Kicking එකකදි අනිවාර්යයෙන්ම Candles 2 අතර ඉඩක් තියෙන්න ඕන. ඒ වගේම මේ 2 ම Marubozu වෙන්නත් ඕන. මෙහෙම ආවොත් ඊට පෙර තිබුණු Trend එක කුමක් වුවත් 2 වෙනි Candle එකේ දිශාවට තමයි යන්නෙ.
Doji Star හඳුනාගනිමු
Evening Doji Star ට පෙර Trend එක Bull නම් එය Bearish Reversal Pattern එකකි.Morning Doji Star ට පෙර Trend එක Bear නම් එය Bullish Reversal Pattern එකකි.
- 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
- ඊට තරමක් ඈතින්(no overlap) Doji තිබිය යුතුය
- 3 වෙනි Candle එක විරුද්ධ දිශාවට පිහිටිය යුතු අතර එය 1 වෙනි Candle එකේ Body එක සීමාවේ Close විය යුතුය
Abondoned Baby යනු Doji Star හි විශේෂ අවස්ථාවකි. මෙය ඊට වඩා විශ්වාසදායක වන අතර එකම වෙනස නම් 1 වෙනි හා 3 වෙනි Candle 2 ටම ඈතින් Doji පිහිටීමයි.
Star හඳුනාගනිමු
Evening Star ට පෙර Trend එක Bull නම් එය Bearish Reversal Pattern එකකි.Morning Star ට පෙර Trend එක Bear නම් එය Bullish Reversal Pattern එකකි.
- 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
- ඊට තරමක පරතරයකින්(no overlap) කුඩා Candle එකක් හෝ කීපයක් තිබිය යුතුය(වර්ණය ගැටළුවක් නැත)
- 3 වෙනි Candle එක විරුද්ධ දිශාවට පිහිටිය යුතු අතර එය 1 වෙනි Candle එකේ Body එක සීමාවේ Close විය යුතුය
No comments:
Post a Comment