Wednesday, April 4, 2012

Signal පිළිබදව තවදුරටත් ලිපි අංක එක.


Bull හෝ Bear Candle එකක් හැදෙන්නෙ කොහොමද කියල මම මුලින්ම කියල දෙන්නම්. මොනයම් හෝ දෙයක් වැඩිපුර මිලදී ගැනීම් වුනොත් මොකද වෙන්නේ? ඒවායේ තොග අඩුවෙන නිසා මිල ඉහල යනවා. (ඉල්ලුම සැපයුම). ඒ කියන්නේ EUR වැඩිපුර මිල දී ගැනීම් Forex Market එකේ වෙනවනම් යුරෝ මිල වැඩි වෙනවා. එහෙමනම් අපි තෝරාගත් කාල සීමාවක් තුල යුරෝ අලෙවි කිරීම් වලට වඩා මිල දේ ගැනීම් වැඩි නම් යුරෝ මිල වැඩිවෙනවා. ඒ කියන්නේ අපි තෝරාගත් කාල සීමාව තුල ආරම්භක අගයට(Opening Rate) වඩා අවසාන අගය(Closing Rate) වැඩියි. එහෙමනම් හැදෙන්නෙ Bull Candle එකක්. ඒ කියන්නේ මේ කාල සීමාව තුල Buyers ලගේ ක්‍රියාකාරිත්වයට වඩා Sellers ලගේ ක්‍රියාකාරිත්වයට වඩා වැඩියි. මේකෙම අනික් පැත්ත වෙනකොට තමා Bear Candle එකක් හැදෙන්නෙ.

එහෙමනම් අපි දාන Buy Trade එක නිසාත් බලපෑමක් වෙනවද?

ඔව් සහතිකවම... නමුත් අපි දාන මුදල Market එකේ සිදුවෙන ගනුදෙනු එක්ක බැලුවම සොච්චමක් විතරයි. අපි $1000 ක Buy එකක් දැම්මත් ඒකෙන් බොහෝ විට 10 වෙනි දශම ස්ථානයවත් වෙනසක් කෙරෙන එකක් නැහැ. කොහොම උනත් අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා.

එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති Doji කියන්නේ මොකක්ද කියල. ඒ කාල සීමාව තුල පාලනය Buyersලාටවත් Sellersලාටවත් ගන්න බැරි වෙලා. දෙගොල්ලන්ගෙන්ම වුනු ක්‍රියාකාරිත්වය සමානයි. සමාන ප්‍රමාණයක්(Volume) මිලදී ගැනීම් හා විකිණීම් වෙලා. 
මේක Reversal Signal එකක්.

Doji මතු වුනහම අපිට Forex Signal එකක් දෙන්නනම් හැම වෙලේම ඊට පෙර Candles බලන්න වෙනවා. ඊට පෙර තියෙන්නෙ Bull Trend එකක් නම් Doji ට පස්සේ අපිට හිතන්න පුළුවන් Bear Trend එකක් එයි කියල. එක දිගට Bull Candles කීපයකට පස්සේ Doji එනවා කියන්නේ Sellers ලගේ ශක්තිය වැඩි වෙන්න පටන් ගත්ත කියන එකයි. ඒ කියන්නේ මේ දක්වා Buyers ල අතේ තිබුණු පාලනය Sellers ල ගන්න යන්න බවට ඉඟියක්.

මම දැන් කියල දෙන්නම් Forex Signal එකක් හදාගන්න විධියඅද EUR/USD M30 Chart එකේ උදේ 6.00 ට හැදිච්ච Candle එක Doji ක්. මේකේ Open සහ Close අතර වෙනස pip 1 ක් තියෙනවා. නමුත් Doji කියන්නේ මේ වෙනස 0 ක් වෙන එකකටනේ. ඒත් අපිට මේ වගේ ආසන්න වශයෙන් හැදෙන එව්වත් Doji කියල ගන්න පුළුවන්.(මම තව පාවිච්චි කරන UWC MT4 එකේනං මෙතන හරියටම Doji ක් හැදිලා තියෙනව)



බලන්න Doji ට පෙර Bear Candle 2 ක් තියෙන්නෙ.(Bear Trend එකක්) එතන Resistance Line(RL) එකක් තියෙනවා. එහෙමනම් අපිට හිතන්න පුළුවන් විකල්ප 2 යි. එක්කෝ RL එක කඩාගෙන පහලට යයි(Breakout). එහෙම නැත්නම් හැරිලා උඩට යයි(Reverse). එතැනම Doji ආව කියන්නේ ආපහු හැරිලා යයි කියල ලැබෙන තව ඉඟියක්(RL එකට අමතරව) 
ඒත් හදිස්සි වෙන්න එපා. තවත් තහවුරු කරගන්න. 
Doji යේ ඉහල අගයට(High Rate) වඩා pip 1 ක් ඉහල ගියාට පස්සේ Buy Trade එක දාන්න. Doji එක උඩට mouse එකේ arrow එක අරන් ගියාම High Rate එක බලාගන්න පුළුවන්.(මේකේ 1.3085) එහෙමනම් 1.3086 දී Buy Trade එක දාන්න පුළුවන්. මේ වෙලාවේ ඊට ඉහළින් තියෙන RL එක තියෙන්නෙ 1.3135 න්. නමුත් ඊට පහල තරමක් දුර්වල RL එකක් තියෙනවා 1.3117 දී.(මේක මම රූපයේ පෙන්නලා නැහැ.) ඒ නිසා Take Profit 1.3115 විතර දාන එක හොඳයි. ඊට පස්සේ බලන් ඉඳල 1.3117 කඩන යනවා නම් 1.3133 දක්වා Trade එක තියාගන්න. ඔන්න Forex signal එක හරි.
Buy EUR/USD @ 1.3086TP @ 1.3115,1.3133

මේ තියෙන්නෙ ඉහත මම පෙන්නපු Forex Signal එකේ රුප සටහන.



මේ තියෙන්නෙ අද USD/CAD H1 Chart එක. බලන්න එතන Doji 3 ක් තියෙනවා. ඒත් 1 වෙනි එකෙන් නම් Revers වෙලා නැහැ.Continue වෙලා තියෙන්නෙ. ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගය(Low)ට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ. ඒත් එහෙම බැහැල නැහැ. එනිසා ඒක Revers Signal එකක් වෙන්න විධියක් නැහැ. ඒක False Signal එකක් එහෙම නැත්නම් Fake Signal(බොරු) එකක්.
නමුත් 2 වෙනි එකේදි ආපහු හැරෙන්න නම් ඉහල යන්නයි ඕන. Doji එකේ ඉහල අගයට වඩා ඊළඟ Candle ක ඉහල ගිහින්. එනිසා Buy Order එකක් දාන්න පුළුවන්. 
ඒ වගේම 3 වෙනි එක දිහාත් බලලා තේරුම් ගන්න.
Resistance & Support Zones 



ඉහත රූපයේ 1.3097 තිරස් රේඛාව Resistance Line එකක් විධියට වැඩ කරලා. නමුත් ඇත්තටම Resistance Line එකක නිශ්චිත අගයක් කාටවත්ම කියන්න බැහැ. හේතුව තමයි මේක ඇත්තටම තීරුවක්‌;කලාපයක්;Zone එකක්. ඒ කියන්නේ pips කීපයක් මහත පටියක් වගේ. නමුත් අපි මේ විධියට Resistance Zone නෙමයි අඳින්නේ Resistance Line. ඒත් මතක තියාගන්න මේක pips කීපයක් මහතZone එකක් වග. එනිසා අපි අඳින Line එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.

බලන්න 
Resistance Line එක ළඟ හැදිලා තියෙන Candles වල Shadows ගොඩක් ඒ පැත්තට වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඒ රේඛාව කඩාගෙන යන්න උත්සාහ කරලා කරලා බැරි වෙලා කියන එකනේ. මේ වගේ වෙලාවක අපි කියන්නේ Resistance Line එකTest කරනවා කියල. එහෙමනම් අපි හඳුනා නොගත් තැනක උනත් තිරස් රේඛාවක් ලෙස Candlestick Shadows ටිකක් හැදුනොත් අපිට අනුමාන කරන්න පුළුවන් එතන Resistance Line එකක් තියෙනවා කියල.
මේ වගේම අනික් පැත්තට 
Support Line ගැන හිතාගන්න. 

අපි මේ දක්වා මේ ගැන ඉගෙනගන්නකොට Forex වලට නිතර භාවිත වන පාරිභාෂික වචන කීපයක් ගැන දැනගත්තා. කොයි දෙයක් හරි ඉගෙනගන්නකොට නැවත නැවතත් මෙනෙහි කරන්න ඕනනේ. ඒ නිසා මම පහතින් දාන වචන ටික බලන්න මතකද කියල. නැතිනම් ආයේ මේ නූල දිගේ ගිහින් කියවල බලන්න.
Major Currencies
Currency Pair
Lot, Mini Lot, Micro Lot, Nano Lot
Leverage
Trade
Sell Trade
Buy Trade
Metatrader
Bid , Ask
Spread
Symbol
Stop Loss
Take Profit
Type
Sell ,Buy
Balance 
Equity 
Margin 
Free Margin 
Margin Level 
Profit
pips
Volume
Bar chart, Candlestick chart, Line chart
Body, Shadows
Bull, Bullish, Bull Market
Bear Bearish, Bullish Market
Trend
Continue, Reverse
Support Lines and Resistance Lines
Highs, Lows
Breakout, Bouncing
struggling
Resistance Area
Reversal Signal
Continuing Signals
Doji
Buyers, Sellers
Open, Close, Low, High
False Signal, Fake Signal
Testing Support Lines and Resistance Lines
Resistance, Support Line අඳින්න කිව්වට මට අමතක උනා MT4 එකේ මේ තිරස් රේඛා අඳින විධිය කියන්න.



මේ රූපයේ රවුම් කරලා තියෙන තැන වම් පැත්තේ තියෙන icon එක click කරලා අවශ්‍ය තැනට ගිහින් අත අරින්න. Line එක වෙනස්කමක් කරන්න ඕන නම් ඒක උඩ Right Click කරලා එන මෙනු එකෙන් පාට, ඝනකම, අගය වගේ අවශ්‍ය වෙනස්කම් ඔබටම කරගන්න පුළුවන්. 

 Doji පොඩි පොඩි හැඩය වෙනස්වීම් අනුව නම් කීපයක් ලැබිල තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති. Doji එකක් හරහා එන Reversal Signal ගොඩක් ප්‍රබල වෙනවා(වඩාත් විශ්වාසදායි වෙනවා) ඊට පෙර දිග Body සහිත Candles ගණනාවක් තිබුනොත්(3 කට වැඩි). 



Long-Legged කියන්නේ දිග කකුල් සහිත කියන එකනේ. 
Long-Legged Doji එකට පෙර කුඩා Candles කීපයක්නම් තියෙන්නෙ ප්‍රබල Reversal Signal එකක්.

Dragonfly කියන්නේ මකරෙක් අහසේ පියාඹන කොට පේන හැඩය මේකේ තියෙන නිසයි. මේකේ Open=Close=High



Gravestone කියන්නේ සොහොන්ගලට. සොහොනක් උඩ පාදම සහිත සිරස් ගල කනුවෙ හැඩය නිසා ඒ නම ලැබිල තියෙන්නෙ. 
මේකේ Open=Close=LowFour Price කියන්නේ Candle එකක තියෙන අගයන්(Prices) 4 ම මෙතැනදී සමාන වෙලා තියෙන නිසයි.(High=Low=Open=Close)

 මේ තියෙන්නෙ අද EUR/USD Chart එකෙන් උදාහරණ කීපයක්.














Doji ආවාම අපිට පවතින Trend එක මාරුවෙනවා කියල අනුමාන කරන්න පුළුවන් උනාට Dragonfly Doji, Gravestone Doji වලදි කතාව පොඩ්ඩක් වෙනස්. 

ඒ කියන්නෙ 
Dragonfly Doji එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bear Trend එකකදි. 
Gravestone Doji
එකෙන් Signal එකක් ප්‍රබලවම දෙන්න පුළුවන් Bull Trend එකකදි. අනිත් වෙලාවට එන ඒවා බොහෝ විට Fake වෙන්න පුළුවන්.


No comments:

Post a Comment