Wednesday, April 4, 2012

Forex Trade එකකින් ලාභ ගන්න ආකාරය Signal පිළිබදව

       අපි අද බලමු Forex Trade එකකින් ලාභ ගන්න ආකාරය.





ඔබට පේනවා ඇති Chart එකේ අගය එන්න එන්නම වැඩි වෙන වෙලාවක ආරම්භයේ අපි Buy Trade එකක් open කලා නම් තරමක් ඉහල ගියාට පස්සේ Close කරලා profit ගන්න පුළුවන්. මේ රූපයේ මුල ඉඳන්ම අගය වැඩි වීමේ ප්‍රවනතාවයක් තියෙන්නෙ. මේ වගේ වෙලාවට අපි කියන්නේ Bull Market හෝ Bullish Market කියල. මේ වෙලාවේ තියෙන්නෙ Bull Trend එකක්.
ඒ වගේම ඔබට පේනවා ඇති Chart එකේ අගය එන්න එන්නම අඩු වෙන වෙලාවක ආරම්භයේ අපි Sell Trade එකක් open කලා නම් තරමක් පහලට ආ විට Close කරලා profit ගන්න පුළුවන්. මේ රූපයේ මැද හරියේ ඉඳන් අග හරිය දක්වා අගය අඩු වීමේ ප්‍රවනතාවයක්තියෙන්නෙ. මේ වගේ වෙලාවට අපි කියන්නේ Bear Market හෝ Bearish Market කියල. මේ වෙලාවේ තියෙන්නෙ Bear Trendඑකක්.

මේ කියනවා වගේ පහසුවෙන් Forex වලින් ලාභ ගන්න අමාරුයි. හේතුව තමයි අපිට කොයි වෙලාවකවත් හරියටම අනුමාන කරන්න බැහැ Chart එක කොයි පැත්තටද යන්නේ කියල. නමුත් ගණිතමය වශයෙන් සොයාගෙන ඇති යම් යම් ක්‍රම සහ තවත් යම් උපක්‍රම භාවිතා කර සෑහෙන දුරට සාර්ථකව අනාවැකි කියන්න පුළුවන්.





මේ රූපයේ බලන්න Bull සහ Bear Trend ඇති වෙලා තියෙන විධිය. අපිට 1 තියෙන හරියේ Buy එකක් දාල 2 තියෙන හරියේ Close කරලා Profit ගන්න තිබුණා. ඒ වගේම තමයි 3 සිට 4 ටත්. අපිට 2 තියෙන හරියේ Sell එකක් දාල 3 තියෙන හරියේ Close කරලා Profit ගන්නත් තිබුණා. මේ වගේ පහුගිය Chart දිහා බලලා ගන්න තිබිච්ච විධිය ගැන කතා කරලා තේරුමක් නැහැ. හේතුව දැන් ඒ තැන් වලට අයෙ ගිහින් ඒ Trade දාන්න බැරි නිසා. (නමුත් පහුගිය Chart දිහා බලලා අපට ඉදිරියේදී යන විධිය ගැන අදහසක් ගන්න පුළුවන්.)

දැන් අපි බලමු 4 න් පස්සේ මොනවා වෙයිද?


කලු පාට රේඛාව වගේ තව දුරටත් ඉහල යයිද?(Continue)

නිල් පාට රේඛාව වගේ ආපහු හැරිලා එයිද?(Reverse)

මේක තමයි Forex Trader කෙනෙකුට තියෙන අභියෝගය. මේ තීරණය ගන්න පුළුවන් උපක්‍රම ගණනාවක් තියෙනවා. නමුත් මේ කිසිම එකකින් අපිට 100% නිවැරදිව අනාවැකි කියන්න නම් බැහැ. නමුත් සෑහෙන දුරකට අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා වඩාත්ම හොඳ ක්‍රම කීපයකින්ම එකම Signal එක ලැබෙන වෙලාවල් වල trade කරන එක.

මෙතනින් පස්සේ මම කලින් දාපු Thread එකේ තිබිච්ච Post ටිකක් Copy කරලා මෙතන දාන්නම්. (ඒ ටික මෙතනට හරියටම ගැලපෙන නිසා.)


Support Lines and Resistance Lines


අද අපි බලමු Support Lines සහ Resistance Lines කියන්නේ මොනවද කියල? මම මේකට තෝරගන්නම් පසුගිය සතියක EURUSD Chart එකක්. ලෝකයේ වැඩිම දෙනෙක් trade කරන්නේ EURUSD නෙ. මුලින්ම අපි Highs සහ Lows හඳුනගමු.
බලන්න Chart එකේ value එක අඩු වැඩි වෙන විධිය. වෙලාවක value එක වැඩි වෙලා නැවත අඩු වෙනවා. මේ වගේ වෙලාවක උඩම තැනට අපි කියනවා
 High එකක් කියල. ඒකෙම අනිත් පැත්ත Low එක




High එකකදි ඉහල යන්න බාධා කරන නිසා එතන Resistance Line එකක් තියෙනවා කියල හඳුනාගන්න පුළුවන්. Low එකකදි අගය පහල යනකොට ඉහල යන්න උදව් කරන නිසා එතන Support Line එකක් තියෙනව කියල හඳුනාගන්න පුළුවන්.




මේ හැම එකක්ම Support Lines, Resistance Lines උනාට හැම එකම ශක්තිමත් නැහැ. ඒ නිසා අපට වඩාත් ශක්තිමත්(stronger) Support Lines සහ Resistance Lines අඳුරගන්න එක වැදගත්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් Highs හෝ Lows කීපයක් එකතු කර අඳින Lines වලට තමයි Support Lines හෝ Resistance Lines කියන්නේ.
අපිට මේක පහසුවෙන් අඳුරගන්න පුළුවන් Line Chart එකට ගිහින්.




හොඳයි අපි මේ ඇන්දේ Daily Chart එකෙන්නෙ. දැන් ඊට වඩා අඩු H4, H1, M30 වලට ගිහින් මේ ටික හරියටම අඳුරගන්න.සාමාන්‍යයෙන් මේ වගේ විශ්ලේෂණ වලට Monthly, Weekly, Daily, H4, H, M30, M15 Time frames තමයි ගොඩක් භාවිතා කරන්නෙ.
එහෙමනම් අපි දැන් බලමු H4, H1 Chart වලින් හඳුනාගන්න පුළුවන් Lines.


H4 Chart



H1 Chart



ඊට පහල Time Frame වලට ගිහින් තවත් Lines හොයාගන්න පුළුවන්. එක එක අය මේ Strategy එක භාවිතා කරන විධිය වෙනස්. වැඩි Time Frame වලදී ඇඳපු Lines කුඩා Time Frame වලට ගිහින් Adjust(Smooth) කරන්න.
මම පෙන්නලා තියෙන අන්තිම රූප සටහනේත් තව වම් පැත්තට ගිහින් තව Lines හොයාගන්න පුළුවන්.

අවසානයේ ශක්තිමත් Lines හඳුනාගැනීම තමා වඩාත් වැදගත්.
 
අපි බලමු එහෙනම් මේ Lines වලින් කොහොමද ඉදිරිය අනුමාන කරන්නෙ කියල. ඒ සඳහා අපි තේරුම්ගත යුත්තේ Resistance, Support Lines වලින් Chart එක වෙනස් වන ආකාරයයි.Chart එක Line එකක් ගාවට ගියාම වෙන්න පුළුවන් සිද්ධීන් 2 යි නෙ.
1. Chart එක Line කඩාගෙන ගිය පැත්තටම යාම(Breakout)
2. Line එකේ හෝ අසලින් නැවත හැරීම(Bouncing)





ඔන්න මම ඉහත රූපයෙන් පෙන්නලා තියෙනවා Lines ලඟදි Chart එකට මොකද වෙන්නේ කියල. අපට මේ කිසිම එකක් සෑම විටම SL වත් RL වත් කියල කියන්න බැහැ. හේතුව නම් Breakout එකකින් පස්සේ SL එක RL එකක් බවටත් RL එක SL එකක් බවටත් පත්වෙනවා. 






SL3 එක දිහා බැලුවහම පේනවා නේද ඒක මම SL එකක් කියල දාල තියෙන්නේ "අංක 5 Bounce" එකත් එක්කයි. නමුත් Resistance Area එක ලඟදි පේනවද ඒක RL බවට පත්වෙලා. තව කාරණයක් තමයි ශක්තිමත් Line එකක් ලඟදි ඒක තරමක් හිර වෙවී ඉඳල(struggling) තමයි Bounce වෙන්නෙ හෝ Breakout වෙන්නෙ. ඉහත රූපයේ පරිදි උඩම RL එකේදී Bounce වලදීත් Resistance Area වලදීත් 1 වන හා 3 වන Breakout වලදීත් ඒක හොඳින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ ටික දිහා බලල ට්‍රේඩ් කරන විධිය ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කියල මම හිතනවා.මේ ගැන තව දැනගන්න තියෙන දේවල් ඉක්මනින් සාකච්ඡා කරමු. තව ගොඩක් දේවල් දෙන්න තියෙනවා.
 
එහෙමනම් ඔබට පැහැදිලි ඇති Support Line හෝ Resistant Line එකක් අසල හැසිරීම කෙසේද කියා. Support Line හෝ Resistant Line එකක් ලඟදී වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ආපහු හැරිලා යන්නයි.(Reverse) ඒ කියන්නේ බොහෝ දුරට Support Line හෝ Resistant Line එකක් කියන්නේ Reversal Signal එකක්.
ඒ වගේම පවතින Trend එකම දිගටම පවත්වාගෙන යන බවට ඉඟි කරන Signal තියෙනවා. ඒවාට කියන්නේ Continuing Signalsකියල. මේ Signal වර්ග 2 මත තමයි අපට යන දිශාව සොයාගන්න පුළුවන් වෙන්නේ. මේකට අපිට ලොකු සහයෝගයක් ගන්න පුලුවන් Candlestick Chart එකේ Candlestick Pattern වලින්. අපි එහෙමනම් මෙතනින් පස්සේ තරමක් දුරට මේ ගැන සාකච්ඡා කරමු
 


Doji (Candle with No Body) 


No comments:

Post a Comment