MT4 ලස්සන කර ගමු
අපිට මේ වගේම අනෙක් Chart ඔක්කොමත් වෙනස් කරගන්න පහසුම ක්‍රමය තමයි මේක Template එකක් විධියට Save කරගන්න එක. මේ වින්ඩෝව OK කරලා Chart එක උඩ Right Click කරන්න. එවිට මතුවන වින්ඩෝවේ Template---Save Template ගිහින් නමක් දාල Save කර ගන්න. දැන් අපිට වෙන Chart එකක් උනත් ලේසියෙන්ම මේ වගේ හදාගන්න පුළුවන්. අලුත් Chart එකක් open කරලා Chart එක උඩ Right Click කරන්න. එවිට මතුවන වින්ඩෝවේ Template---Load Template ගිහින් අපි Save කල Template එක තෝරාගන්න.
ඉහත රූපයේ ලකුණු කර ඇති කොටස් දෙස බලන්න. Market Watch කියන තැන තියෙන වෙලාව අපේ වෙලාව එක්ක වෙනස්. හේතුව එතන පෙන්නුම් කරන්නේ Broker ඉන්න රටේ හෝ Server එක තියෙන රටේ වෙලාවක්.
අංක 1 කොටසේ තියෙන icon 3 න් පෙන්නන්නේ Forex Chart එක පෙන්නුම් කරන ක්‍රම 3 ක්. මේ 3 ම click කරල බලල වෙනස්කම හඳුනාගන්න. වම් පැත්තේ සිට පිළිවෙලින් ගත්තොත් මේ Chart වර්ග
මේ අතරින් අපි වැඩිපුරම භාවිත කරන්නේ Candlestick chart එක. මේකෙන් තමයි වැඩි සම්භාවිතාවක් ඇතිව Market එක ගැන අනාවැකි කියන්න පුළුවන්.1. Bar chart
2. Candlestick chart
3. Line chart
අංක 2 කොටසෙන් පෙන්නන icon 2 න් මුල එක Auto Scroll On/Off icon එකයි. අපිට Chart එකේ උඩ click කරල drag කරාමChart එකේ මුල හරිය( දැනට පේන ටිකට කලින් කාලයේ) බලන්න පුළුවන්.
අනෙක් icon එකත් click කරලා බලන්න. එකෙන් වෙන්නේ Chart එක පොඩ්ඩක් වම් පැත්තට එන එකයි. අපිට Chart Analyzing වලදී මේක වැදගත් වෙනවා.
අංක 3 icon එකෙන් පාලනය වෙන්නේ Template. අපිට Chart එකක් open කරලා අපි save කරගත් Template එක load කරගන්න එතනින් පහසුයි.
Candlestick Chart
Candlestick කියන වචනය ගත්තොත් Candle කියන්නේ ඉටි පන්දමටනේ. එහෙමනම් ඔබට අදහසක් ඇති මේ Chart එකේ කොටස් දැක්කම ඇයි ඒ නම වැටිලා තියෙන්නේ කියල.

මම මේ පෙන්නන්නෙ EUR/USD M15 Chart එකේ කොටසක්. M15 කියන්නේ විනාඩි 15 කියන එකටයි(MT4 එකේ Chart එකට උඩ M1, M5, M15,...., MN කියන icon පේලියේ M15 click කරන්න). දකුණු පැත්තේ පරිමාණයෙන් පෙන්නන්නේ EUR/USD අගයන්. මේ රූපයේ 1.2823 අගය විශේෂිතව පෙන්නන්නේ මේ මොහොතේ EUR/USD අගය යි.
කොළ සහ රතු පාටින් Candles ඔබට පේනවා ඇති. මේ කොළ පාට Candles වලට "Bull" හෝ "Bullish" Candles ලෙසත් රතු පාට Candles වලට "Bear" "Bearish" Candles ලෙසත් හඳුන්වනවා. මේ එක Candle එකකින් පෙන්නන්නේ විනාඩි 15 (M15 නිසා)කදී වුනු වෙනස්වීම්.

අපි මේ Bullish Candle එක ගැන කතා කලොත් ඔබට මෙහි පේනවා ඇති Open, Close, Low, High කියල තැන් 4 ක්. Open කියන්නේ ඒ කාල සීමාව තුල (මේ උදාහරනයේ නම් විනාඩි 15) ආරම්භ වුන අගය. Close කියන්නේ ඒ කාල සීමාව තුල අවසාන වෙද්දී තිබුන අගය. Low කියන්නේ ඒ කාල සීමාව තුල ආව අඩුම අගයට. High කියන්නේ ඒ කාල සීමාව තුල ආව වැඩිම අගයට.
Bull Candle එකක හැම වෙලේම Open අගය Close අගයට වඩා අඩුයි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය වැඩි වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය ඉහල යන විට අපි කියන්නේ Bull Market එකක් කියල.
Bear Candle එකක හැම වෙලේම Open අගය Close අගයට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය අඩු වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය පහල යන විට අපි කියන්නේ Bear Market එකක් කියල.

Last edited by blcdilruk; 01-18-2012 at 10:17 PM.
No comments:
Post a Comment